Thursday, March 28, 2024

General line - 0115112241

හෙට අයවැයෙන් 'මෙන්න මේ වාහනවලට' සහන දෙනවා ලු? - ඇමති මංගල අයවැය හදන ඡායාරූපය මෙන්න  (PHOTO)




හෙට (09) දිනයේ පස්වරු 3.30ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2018 අයවැය සම්බන්ධයෙන් මේ වනවිට විවිද අදහස් පළ වෙමින් තිබෙනවා.

මෙම අයවැය යෝජනා  සකසනු ලැබුවේ  මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා ගේ “රේන්බෝ එන්ඩ්" නිවසේයි. 

2018 රජයේ අයවැය ලේඛනයේ ඇතුළත් අයවැය යෝජනා සැකසීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග ද  ඒ සඳහා සහාය ලබා දුන්නා.

මුදල් ඇමතිවරයා සිය මංගල අයවැය හෙට (09) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.


එම අයවැයෙන් වාහන සම්බන්ධ යෝජනා කිහිපයක් ඉදිරිපත් වනු ඇති බවට මේවනවිට වාහන හා සම්බන්ධ ක්ෂේත්‍රයේ නිරත වුවන් අතර විශ්වාසයක් පවතිනවා.

එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහනවල මිළ අඩු වනු ඇති බවට සහ නිසාන් ලීෆ් වැනි බැටරි මගින් ක්‍රියාත්මක වාහන සඳහා සහන හිමිවන බවට ඔවුන් අතර විශ්වාසයක් මතුව ඇත්තේ අයවැය සැකසීමට පෙර බලධාරීන් සමග පැවති සාකච්ඡා නිසායි.


අමාත්‍ය මංගල සමරවීර සහ අමාත්‍යංශ ලේකම්වරයා අයවැය සකසමින් සිටින ඡායාරූපයක් පහතින්.