Thursday, March 28, 2024

General line - 0115112241

ක්‍රීඩාවට හමුදාවේ අත හිත




ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ක්‍ෂේත‍්‍රයට අවශ්‍ය ඉදිකිරීම් සහාය ලබාදීමට යුද හමුදාව එකගතාව පළ කර තිබෙනවා. ඊට අදාළ සාකච්ඡාවක් යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හා කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අතර අද (08) පැවැත්වුණා. ඒ, කී‍්‍රඩා අමාත්‍යාංශයේදීයි. කී‍්‍රඩා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් සදහා ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ඉංජිනේරු කාර්යංශයේ සහය ලබාදීමටයි යුද හමුදාපතිවරයා මෙහිදී එකඟතාව පළ කර ඇත්තේ.

2021 වසරේදී දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල පැවැත්වීම සදහා දියගම කී‍්‍රඩා සංකීර්ණයේ නඩත්තු කටයුතු ශී‍්‍ර ලංකා යුද හමුදාවට පැවරීම පිළිබද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. එමෙන්ම උතුරු පළාත් කී‍්‍රඩා සංකීර්ණයේ වැඩ නිම කිරීම යුද හමුදා ඉංජිනේරු බලකායට පැවරීම හා එහි නඩත්තු කටයුතු කිලිනොච්චි ආරක්‍ෂක සේවා මූලස්ථානය වෙත පැවරීමටද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.