Friday, March 29, 2024

General line - 0115112241

මංගලගේ අයවැයෙන් 'වාහන ගැන කියන්නත් පෙර' ආනයනකරුවන් කළ දේ 

සුගත් ධර්මප්‍රිය




2018 වසර සඳහා වූ අයවැය යෝජනා මේ වනවිට මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.


වාහන සම්බන්ධයෙන්ද මෙහිදී යෝජනා ඉදිරිපත් වනු ඇති බවට විශ්වාස පළ වී ඇති අතර ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය  හෙට (10) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඇති බව මේ වනවිටත් මාධ්‍ය වෙත දන්වා තිබෙනවා.

ඒ,අද (09)ඉදිරිපත් කෙරෙන අයවැය මගින් වාහන සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසෙන යෝජනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.

වාහන සම්බන්ධයෙන් වඩාත් බලපෑමක් එල්ල වන යෝජනා කිහිපයක් මෙවර අයවැය යෝජනා අතර ඇති බවට වාහන අානයනයකරුවන් අතර විශ්වාසයක් ඇති නිසා මෙම මාධ්‍ය හමුව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

වාප්පු ලිපිකරුවන් මගින් බදු වෙනස් වීම ගණනය කර අදාළ  වාහන අනුව  වෙනස් වීම විශ්ලේෂණය කරමින් මෙහිදී මෝටර් රථ හා සම්බන්ධ නියම බදු දත්ත මහජනයාට ඉදිරිපත් කරන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.