Thursday, April 25, 2024

General line - 0115112241

වාහනවලට බද්දක්..බදු මුදල මෙන්න 

සුගත් ධර්මප්‍රිය/ඉෂාර සුපෙම් මානගේ




වාහන සඳහා කාබන් බදු මුදලක් මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙනවා. නව කාබන් බද්ද මගින් වසර 5කට වඩා අඩු කාලයක් භාවිත කර ඇති වාහන සඳහා මෙම බද්ද හඳුන්වා දෙනු ඇති. යතුරු පැදි සඳහා බද්ද දිනකට ශත 17ක් ද මෝටර් රථ සඳහා බද්ද දිනකට රුපියල් 1.77ක් සහ බස් රථ සඳහා බද්ද දිනකට රුපියල් 2.74ක් ද වනවා. 

මේ වනවිට 2018 වසර සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය අයවැය කතාව අතර සඳහන් කළේ යතුරු පැදි, කාර් රථ සහ බස් සඳහා මෙය හඳුන්වා දෙන බවයි.

යතුරු පැදියකට දිනකට ශත 17ක් කාර් රථ සඳහා රුපියල් 1.77ක් සහ බස් සඳහා රුපියල් 2.74ක් වශයෙන් මෙම බදු පැනවීමට යෝජිතයි.

පරිසර ආරක්ෂණ කටයුතු සඳහා මෙමගින් ලැබෙන ආදායම යෙදවීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.