Thursday, April 25, 2024

General line - 0115112241

ඛණිජ තෙල් මගින් ධාවනය වෙන සියලු වාහනවලට මෙවර අයවැයෙන් කිව්ව දේ මෙන්න

ඉෂාර සුපෙම් මානගේ




2018 අයවැය යෝජනා තුළින් ඛණිජ තෙල් මගින් ධාවනය කෙරෙන සියලු මෝටර් රථ සම්බන්ධයෙන් තීරණාත්මක පියවරයන් රැසක් ගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී ඛණිජ තෙල් මගින් ධාවනය කෙරෙන සියලු මෝටර් රථ අධෛර්යමත් වන ලෙසයි මෙම යෝජනා සකස් වී ඇත්තේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර අයවැය කතාව සිදු කරමින් සඳහන් කළේ 2040 වසර වන විට ඛණිජ තෙල් මගින් ධාවනය කෙරෙන වාහන වෙනුවට වෙනත් බලශක්ති මගින් ධාවනය කෙරෙන වාහන බවට රට පත් කරන අරමුණක් කරා ගමන් කරන බවයි.

ඒ අනුව 2025 වසර වන විට රජයේ සියලු වාහනද දෙමුහුන් හෝ විදුලි මගින් ධාවනය කෙරෙන වාහන බවට පත් කෙරෙනු ඇති බවත් සඳහන් කළා.

විශේෂයෙන් ත්‍රීරෝද රථ සහ බස් රථ විදුලිය මගින් ධාවනය කළ හැකි පරිදි වෙනස් විය යුතු බවද මෙහිදී පෙන්වා දුන්නා.