Tuesday, April 16, 2024

General line - 0115112241

අයවැයෙන් පුංචි කාර්වලට වෙච්ච දේ 




මුදල් අමාත්‍ය මංගල සමරවීර 2018 අයවැය මගින් එන්ජින් ධාරිතාව 1000cc වලට වඩා අඩු මෝටර් රථවල බදු සංශෝධනය කරනු ඇති බවට මීට පෙර විශ්වාස කළ ද ඊයේ (09) ඉදිරිපත්වූ අයවැය යෝජනා මගින් එය ඉටු නොවන බව වාහන ආනයනයකරුවන් පෙන්වා දෙනවා.


මෝටර් වාහන මත අයකළ වටිනාකම පදනම් වූ නිෂ්පාදන බද්ද ඉවත් කර පෙට්‍රල්  සහ ඩීසල් වාහන සඳහා එන්ජින් ධාරිතාව මත පමණක්  නිෂ්පාදන බදු අය කෙරෙන බව මුදල් අමාත්‍යවරයා ඊයේ තම  අයවැය යෝජනා අතර සඳහන් කළා.

ආනයනය කරන මෝටර් රථවල නිෂ්පාදන බදු අයකිරීම මීට පෙර ද බොහෝ විට සිදුවූයේ එන්ජින් ධාරිතාව මත පමණක්  නිසා වාහන මිළට ඉන් බලපෑමක් නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

(2018 අයවැයේ යෝජනා සම්පුර්ණයෙන් මෙතැනින් කියවන්න )