Wednesday, April 17, 2024

General line - 0115112241

සෞදි අරාබිය යුද ප්‍රකාශ කරයි!




සෞදි අරාබිය තමන්ට එරෙහිව යුධ ප‍්‍රකාශ කර ඇතැයි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පවසනවා. එහි නායක හසන් නසරල්ලා කියා සිටියේ ලෙබනනයට එරෙහිව ඊශ‍්‍රායලය පොළබවාලීමටද සෞදි අරාබිය කටයුතු කරන බවයි. ලෙබනනයේ හිටපු අග‍්‍රාමත්‍ය සාද් අල් හාරාරි ද ඔහුගේ කැමැත්තකින් තොරව රදවාගෙන සිටින බවටද හසන් නසරල්ලා සෞදි අරාබියට චොදනා කළා.

මේ අතර ලෙබනනයේ අග‍්‍රාමත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සාද් අල් හාරාරි ප‍්‍රකාශ කළේ ඉකුත් සෙනසුරාදා දිනයේදීයි. නැවත අග‍්‍රාමාත්‍ය ධුරය භාරගන්නැයි එරට ජනාධිපතිවරයාද අතුළු පර්ශව ගණනාවක් ඔහුගෙන් ඉල්ලා සිටියා. එහෙත් එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරමින් සාද් අල් හාරාරි පැවසුවේ තමන් ධුරයෙන් ඉල්ලා අස්වූයේ තමන්ගේ ජීවිතයට එල්ලවී ඇති හදුනානොගත් තර්ජනයක් නිසා බවයි.