Thursday, April 25, 2024

General line - 0115112241

අයවැයෙන් බදු සහන දුන්නත් 'නිසාන් සමාගම' ලීෆ් රථය ලංකාවට දෙන්නේ නෑ! (VIDEO)

සුගත් ධර්මප්‍රිය/කැමරාකරණය- චතුරංග සූරියාරච්චි




ලොව ජනප්‍රියම විද්‍යුත් රථය ලෙස සැළකෙන 'ලීෆ් රථය' නිසාන් සමාගම විසින් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පෙන්වා දෙන්නේ විද්‍යුත් වාහන නඩත්තුව සඳහා ශ්‍රී ලංකාවේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා නිසාන්  සමාගම මෙලෙස කටයුතු කරන බවයි.


ඉලෙක්ට්‍රික් වාහන සඳහා ලබාදී තිබෙන බදු සහන හිමිවන්නේ මෙරටට ගෙන්වනු ලබන ලියාපදිංචි නොකළ අලුත් වාහන සඳහා පමණක් බවත්, මේ වන විට ශ්‍රී ලංකාවට අලුත් ඉලෙක්ට්‍රික් රථ ගෙන්වීමක් සිදු නොවන බැවින් එම සහනය පාරිභෝගිකයන්ට කිසිසේත්ම ලබාගත නොහැකි එකක් බවත් ඔහු පෙන්වා දෙනවා.

ඒ සම්බන්ධයෙන් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති  ඉන්දික සම්පත් මෙරෙංචිගේ දක්වන විග්‍රහය පහතින් නැරඹිය හැකියි.