Saturday, November 18, 2017
Hotline - 0770586666

අයවැයෙන් 'රුපියල් මිලියන 50ක් බදු ගැසූ' සුපිරි වාහනය මෙන්න (PHOTOS)

සුගත් ධර්මප්‍රිය

2069Views

මෙවර අයවැයෙන් ඇතැම් වාහනවල  මිළ ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා.

තමන් ආනයනය කරන වාහන අතරින්  TOYOTA LAND CRUISER / CBA-URJ202W (PETROL) රථය වැඩිම මුදලකින් මිළ ඉහළ යන රථය බවයි වාහන ආනයනයකරුවන් පවසන්නේ.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන පරිදි නව බදු අනුව රුපියල් 22,970,000/-කින් එහි මිළ ඉහළ යනවා.

එම වාහනය සඳහා අය කරන බදු මුදල මීට පෙර රුපියල් 27,631,750ක් වූ අතර පෙරේදා (09) ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුව එම බදු මුදල රුපියල් 50,601,750/-ක් වනවා.

 TOYOTA LAND CRUISER / CBA-URJ202W (PETROL) රථයේ ඡායාරූප පහතින්.