Friday, April 26, 2024

General line - 0115112241

ට්‍රම්ප්ට දෙහි කපන උතුරු කොරියාව




අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආසියානු සංචාරයේදී ඔහු විනාශකාරි අයෙකු බව ලෝකයට පෙන්නුම් කර ඇති බව උතුරු කොරියාව පවසනවා.

ඔහු ලෝක සාමයේ ස්ථාවර භාවය බිඳ දැමීම සඳහා කටයුතු කරන අයෙකු බවටයි උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙන්නේ.

අමරිකානු ජනාධිපතිවරයාගේ දකුණු කොරියානු සංචාරයේදී ඔහු කළ ප්‍රකාශ තුළින් කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික යුද්ධයකට යොමු කළ බව ද උතුරු කොරියාව ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් උන්මාදයෙකු මෙන් අමරිකානු ජනාධිපතිවරයා හැසිරෙන බවයි උතුරු කොරියාව චෝදනා නඟන්නේ.