Friday, April 19, 2024

General line - 0115112241

ගගනගාමීන්ට ආහාර හා විද්‍යාත්මක උපකරණ රැගත් රොකට් යානය නවතී - සිදුවූ දේ මෙන්න




ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන්ට අවශ්‍ය ආහාර සහ විද්‍යාත්මක උපකරණ රැගත් රොකට් යානයක් උඩුගුවනට යැවීම ඇමරිකානු නාසා ආයතනය ඊයේ (11) අවසන් මොහොතේදී අත්හිටුවා තිබෙනවා. 

මෙයට හේතුවී තිබෙන්නේ රොකට්ටුව ගුවන්ගත කෙරෙන ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ආරක්ෂිත ගුවන් කලාපයට කුඩා ගුවන් යානයක් ඇතුළුවීමයි.

නාසා ආයතනය වෙනුවෙන් මෙම රොකට්ටුව ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය වෙත රැගෙන යන්නේ  ඕර්බිටල් ඒ.ටී.කේ. නැමැති පෞද්ගලික ආයතනය විසින්. 

කෙසේවෙතත් රොකට් ගමන අද දිනයේ යළි සිදුකිරීමට උත්සාහය කරනු ඇති බවයි වාර්තා වන්නේ.