Thursday, April 25, 2024

General line - 0115112241

පේර කඩන්න ගිය දරුවාගේ මළ සිරුර ඇළකින් හමුවුණු හැටි (VIDEO/PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




දිඹුල පොලිස් වසමට අයත් බෝගහවත්ත ප්‍රදේශයේ ඊයේ (11) පස්වරුවේ සිට අතුරුදහන්ව සිටි පාසල් සිසුවෙකුගේ මළසිරුර අද උදෑසන බෝගහවත්ත තේ කර්මාන්ත ශාලාව අසලින් මහවැලි ගගට ජලය ගලා බසිනා බෝගහවත්ත ඇලේ තිබී හමුවී තිබෙනවා.  

මෙසේ හමුවී ඇත්තේ රාජේන්ද්‍ර කුමාර් අස්වින් නැමැති බෝගවත්ත දෙමළ මහා විද්‍යාලයේ පළමුවන වසරේ ඉගෙනු ලබන සිසුවාගේ් සිරුරක්. 

ඊයේ පස්වරුවේ සිට මෙම සිසුවා පේර කැඩීමට ගොස් නිවසෙන් අතුරුදහන්ව සිටි බවත් පසුව දරුවාගේ මව්පියන් සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

එම අවස්ථාවේදී දරුවා සොයා ගැනීමට නොහැකි වීම නිසා අද උදෑසනද එම ඇළ මාර්ගය පරික්ෂා කිරීමේදී පේර ගසට පහළින් මහවැලි ගගට ජලය ගලා බසින බෝගහවත්ත ඇළේ තිබියදී සිසුවාගේ සිරුර සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

දරුවා ඇළට වැටුණු ආකාරය පිළිබඳව දිඹුල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වනු ලබනවා.

ඇළේ තිබි හමුවු සිරුර සමිබන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර නුවරඑළිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව දිඹුල පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.