Thursday, April 25, 2024

General line - 0115112241

අත්‍යාවශ්‍ය ත්‍රස්තවාදීන් පිරිසකගේ නම් ලැයිස්තුවක් මාධ්‍යට නිකුත් කෙරේ - තොරතුරු සපයන්නන්ට මිලියන ගණනින් මුදල් 

ධරිත් පෙරේරා - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සෞදි අරාබිය තුළ ත්‍රස්තවාදි ක්‍රියාවන් හා සම්බන්ධ යේමන හවුදි ත්‍රස්තවාදීන් හතලිස්දෙනෙකුගේ නම් ලැයිස්තුවක් මාධ්‍යට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ත්‍රස්තවාදීන් පිළිබඳව තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 05 සිට 30දක්වා මුදලක් ලබාදෙන බවයි එම නිවේදනයේ සටහන් වන්නේ.

මෙම ත්‍රස්තවාදීන් 40දෙනා අත්‍යාවශ්‍ය ත්‍රස්තවාදීන් ලෙස ප්‍රකාශයට පත් කළ බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු සපයන පුද්ගලයින්ගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවද තොරතුරු සපයන්නන්ගේ තොරතුරු ආරක්ෂා කිරීමට සෞදි රජය බැදී සිටින බවද එම නිවේදනයේ සඳහන්.