Thursday, March 28, 2024

General line - 0115112241

අසේල ගුණරත්න යළි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට

කසුන් කැලුම්




තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න යළි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට කැඳවා තිබෙනවා. 

ඒ, ඉන්දියාව එරෙහි ටෙස්ට් තරගාවලි සඳහායි. තරගාවලියට නම් කළ සංචිතයට ඔහු මුලින් ඇතුළත් කර සිටියේ නැහැ. 

එහෙත් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස අසේල ගුණරත්න ශ්‍රී ලංකා සංචිතයට කැඳවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේ. 

ඔහුගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂා කෙරෙන විශේෂ තරගයක් ලබන බදාදා පැවැත්වීමට නියමිතයි. 

අසේල ගුණරත්න අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ඉකුත් ජුලි මාසයේ පැවති සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගය සඳහායි. 

එහිදී ආබාධයකට ලක්වූ ඔහුට ඉකුත් ඉන්දීය සහ පකිස්තාන තරගාවලි දෙකම අහිමි වුණා.