Friday, April 26, 2024

General line - 0115112241

"ශ්‍රී ලංකාවේ හෙට දවස යහපත් වනු ඇති" - හතුරුසිංහ ගැන  ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් බලාපොරොත්තුවෙන් සිටින හැටි 

සුගත් ධර්මප්‍රිය - අන්තර්ජාලය ඇසුරිනි




වර්තමාන ශ්‍රී ලංකා  ක්‍රීඩකයින් රැසක් සම්බන්ධයෙන් චන්දික හතුරුසිංහට හොඳ අවබෝධයක් ඇති බව දිමුත් කරුණාරත්න පවසනවා.

ඉන්දීය මාධ්‍ය සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ පළාත් තරගවල දී හතුරුසිංහ යටතේ පුහුණුවීම් ලබා ඇති තමන් ඔහුගේ දක්ෂතා සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ඇති බවයි.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවේ  ප්‍රධාන පුහුණුකරු තනතුරට   පත්වුව හොත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස   යහපත් වනු ඇති බව ඔහුගේ අදහස වී තිබෙනවා.

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර හතුරුසිංහ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතක්.