Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රිකට් අනාගතය ගැන අර්ජුන කියන කතාව

තරංග රුක්ෂාන් ජයසේකර




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට චන්දික හතුරුසිංහ පත්කළ හොත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට වැදගත් තීරණයක් වනු ඇති බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කුමන පුහුණුකරුවකු පැමිණියද පරිපාලන දුර්වලතා තවදුරටත් පවතින්නේ නම් ගැටලූවට විසඳුමක් නොලැබෙන බවයි.

පරිපාලනය සඳහා මෙරට පුද්ගලයෙකු යොදා ගැනිම උචිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ක්‍රිකට් ආයතනය නිවැරදි මාවතක ගමන් කළ යුත් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.