Friday, April 26, 2024

General line - 0115112241

කොස්ගොඩ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

දිලිප් නිශ්ශංක - බලපිටිය




කොස්ගොඩ, යුදපිටිය, කුරුඳුගම්පියස සහ මැණික්ගම්මානය යන ප්‍රදේශවල ඉකුත්දා සිදුවූ සිව්පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර 22 හැවිරිදි තරුණයකු ද අයත්.

ඔහු කොස්ගොඩ නානතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් දෙදෙනා ප්‍රධාන සැකකරුගේ මව සහ සොයුරාගේ බිරි බවයි නෙත් නිවුස් වාර්තාකරු සහන් කළේ.

ඊයේ (13) රාත්‍රි 11.30ට පමණ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණේ කටුවිල ප්‍රදේශයේදීයි.

ඒ ඝාතනයට ලක්වූ එක් අයකුගේ භාර්යාවක් විසින් සිද්ධිය වූ අවස්ථාවේදී සැකකරු හඳුනාගෙන ලබාදී තිබූ තොරතුරු මතයි.

ඔහු පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවකු බවයි ප්‍රකාශ කෙරුණේ. කාන්තාවන් දෙදෙනා අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණා.

ඉකුත් මස 29 වැනිදා අලූයම යතුරුපැදි දෙකකින් පැමිණි තුවක්කුකරුවන් සිව්දෙනකු මෙම වෙඩිතැබීම සිදුකළා.