Friday, March 29, 2024

General line - 0115112241

ශත 20 ගැන විශේෂ සාකච්ඡාවක්

තරංග රුක්ෂාන් ජයසේකර




අයවැයෙන් යෝජනා කෙරුණු බැංකු මගින් සිදුකරන සියලූ ගනුදෙනු සහා රුපියල් දහසකට ශත 20ක් වන අනුපාතයක් අනුව ණය ආපසු ගෙවීම සහා වූ විශේෂ බද්ද පිළිබ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ ලංකා බැංකු සේවක සංගමයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්.

එහි සභාපති ටී.ජී.ඩබ්ලිව්.ගුණවර්ධන සඳහන් කළේ බැංකු ක්ෂේත්‍රයට බලපාන අයවැය යෝජනා පිළිබ මෙහිදී සාකච්ඡා කරන බවයි.

පසුව සිය ස්ථාවරය ප්‍රකාශ කරන බවයි ඔහු කියාසිටියේ.

සියලූ ගනුදෙනු සහා රුපියල් දහසකට ශත 20ක් වන අනුපාතයක් අනුව බදු හඳුන්වාදීම හේතුවෙන් බැංකු ක්ෂේත්‍රයට අලූතින් සහන ලබාදීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඒ සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්කිරීමට නියමිතයි.

කිසියම් අයකු බැංකුවෙන් ණයක් ලබාගත්ත ද මුදල් තැන්පත් කළද, ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන ගියද මුදල් හුවමරු කළ ද ඒ සෑම අවස්ථාවකදීම මෙම බද්ද පනවනු ඇති.

එහෙත් එය අයකරගන්නේ ගනුදෙනුකරුවාගෙන් නොවන බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ.

අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග අද උදෑසන නෙත් නිවුස් වෙත කියාසිටියේ මෙම බද්ද හේතුවෙන් ගනුදෙනුකරුවන්ට කිසිදු අසාධාරණයක් නොවන බවයි.

එය බැංකුව ලබන ලාබයක් සේ සළකා බැංකුවෙන් අයකරගන්නා බව ද ලේකම්වරයා ප්‍රකාශ කරනවා.