Tuesday, April 23, 2024

General line - 0115112241

බියර් අඩුකරන ගැසට් නිවේදනය නිකුත් කර නෑ

සජිත් තිලකරත්න




අයවැයෙන් යෝජනා කෙරුණ ද මත්පැන් මිල වැඩි කිරීමට හෝ බියර් මිල අඩුකිරීමට තවමත් නොහැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් කේ.එච්.ඒ. මීගස්මුල්ල සහන් කළේ ඊට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බවයි.

කෙසේවෙතත් අයවැය ප්‍රකාශයට පත්කළ දිනට පසු දින සිට ඇතැම් ප්‍රදේශවල මත්පැන් වැඩිමිලට අලෙවි කරන බවටයි නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණේ.

බියර් මිල අඩුකිරීමට අයවැයෙන් යෝජනා කෙරුණ ද එලෙස අඩුකළ මිලට බියර් අලෙවි නොකරන බව ද තොරතුරු ලබාදුන් පිරිස් පැවසුවා.

ඊට හේතුව ලෙස අලෙවිසල් හිමියන් පවසා ඇත්තේ කලින් ලබාගත් බියර් තොග අවසන් වනතුරු අඩු මිලට අලෙවි කළ නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ද අදහස් පළකර තිබෙනවා. මේ එහි සභාපති රංජිත් විතානගේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කේ.එච්.ඒ. මීගස්මුල්ල සහන් කළේ මත්පැන් අලෙවි කළ යුතු මිල ගණන් පිළිබ තොරතුරු නිල  වශයෙන් මෙතෙක් නිකුත් කර නොමැති බවයි.

මෙවර අයවැයෙන් යෝජනා කෙරුණේ මත්පැන්වල සැර අඩංගු වන ප්‍රමාණය මත බදු අයකිරීමටයි.

ඒ අනුව ඊට අදාළ මිල ගණන් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරනු ඇති. නියමිත මිලට වඩා වැඩිමිලට මත්පැන් අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරිය ප්‍රකාශ කළා.

බලපත්‍ර ලත් ස්ථානවල ද වැඩි මිලට මත්පැන් අලෙවි කරන්නේදැයි සොයාබැලීමට සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ට බලය පවරා ඇති බවයි මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.