Tuesday, April 23, 2024

General line - 0115112241

ව්‍යාජ වීසා සමග විදේශිකයන් 2ක් අත්අඩංගුවට

ටෝනි කරුණනායක - ගම්පහ




ව්‍යාජ වීසා උපයෝගී කරගෙන විදේශ ගත වීමට උත්සාහ කළ විදේශිකයන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් අයෙකු ඉරාන ජාතික කාන්තාවක් වන අතර ඇය පින්ලන්තය බලා යාමට තැත්කර තිබෙනවා.

අනෙක් තරුණයා  ඉරාන ජාතිකයෙකු වන අතර ඔහු ඉතාලිය බලා යාමට තැත්කළ බවයි කටුනායක පොලිසියේ ආපරාධ පරික්ෂණ කොට්ඨාසය පැවසුවේ.

මොවුන් දෙදෙනා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (13) ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් එක් ලක්ෂ පනස්දහස බැගින් රුපියල් ලක්ෂ 3 ක දඩ නියම කෙරුණා.

අදාළ තනාපති කාර්යාල මගින් දඩ මුදල් ගෙවා ඇති අතර මෙම පුද්ගලයන් වහාම රටින් පිටුවහල් කරන ලෙසට ආගමන විගමන නිලධාරින්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.