Thursday, April 25, 2024

General line - 0115112241

මහින්දගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ්

අධිකරණ වාර්තාකරු




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා වූ ගාමිණි සෙනරත් ලබන 15 වැනිදා දක්වා අද (13) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුවයි.

ඉකුත් ආණ්ඩුව සමයේ කැබිනට් අනුමැතියෙන් හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කරන ලද මුදලකින් කොටසක් වෙනත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා අයථා ලෙස යෙදවීම ඔහුට එරෙහි චෝදනා වනවා.

මෙම අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින තවත් දෙදෙනෙකු ද ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.