Thursday, March 28, 2024

General line - 0115112241

විජයදාසගෙන් තර්කයක්

සමන්ත කුමාර




නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පිහිටුවා ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නිතියෙන් බල ශූන්‍ය බව ප‍්‍රකාශ කරන්නැයි එහි සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නිතිඥ විජයදාස රාජපක්ෂ කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටිනවා.

කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව, ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව විසින්ම ක‍්‍රියාකත්මක කළ යුතු බවයි.

පාර්ලිමේන්තුවට එය අත්හැරීමට හෝ අන්සතු කිරීමට නොහැකි බව ද කවර හෝ ව්‍යවස්ථාදායක බලයක් සහිතව වෙනත් අධිකාරියක් පිහිටුවිය නොහැකි බවද මෙමගින් අවධාරණය කර තිබෙනවා.

එසේ හෙයින් දැනට පිහිටුවා ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නිති විරෝධී වන බවයි ජනාධිපති නිතිඥ විජයදාස රාජපක්ෂ තර්ක කර සිටින්නේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නිති විරෝධී වන නිසා ඒ යටතේ පිහිටුවන ලද  ආණ්ඩුක‍්‍රම  ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ද එහි අතුරු වාර්තාව ද බල ශූන්‍ය විය යුතු බවට ඔහු තර්ක කර සිටිනවා. මෙම කරුණු සැළකිල්ලට ගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නිතියෙන් බල ශූන්‍ය බව කඩිනමින් ප‍්‍රකාශ නොකළහොත් ඒ නිසා ඇති වියහැකි නොසන්සුන්තා පිළිබඳ වගකීම කතානායකවරයා විසින් භාරගත යුතු බවයි එහිි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.