Thursday, April 25, 2024

General line - 0115112241

නිසි කළමණාකරණයකින් යුතු 'හොඳම අමාත්‍යාංශයට හිමි රිදී සම්මානය' දිගාම්බරම්ගේ අමාත්‍යාංශයට (PHOTOS)




රාජ්‍ය ගිණුම්කාරක සභාව මඟින් සංවිධානය කළ 2015 වසරේ ආර්ථික සංවර්ධන ක්‍රියාකාරීත්වය කෙරෙහි නීතිය හා විදි විධාන නිසි කළමණාකරණයකින් යුතුව ක්‍රියාත්මක වූ හොඳම අමාත්‍යාංශයට හිමි රිදී සම්මානය කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන  අමාත්‍ය පලනි දිගාම්බරම්ගේ අමාත්‍යාංශය වන කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයට හිමිව තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සම්මාන උළෙල පැවැත්වුණා.

ඒ අනුව රජය මඟින් වෙන් කළ ප්‍රතිපාදන නිසි ආකාරව යොදානිමින් කඳුකරයේ වතු ප්‍රජාවට සේවය කළ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයට හිමි රිදී සම්මානය අමාත්‍යාංශ ලේකම් රංජිනී නඩරාජපිල්ලෙයි වෙත අග්‍රාමාත්‍යවරයා  විසින් පිරිනැමුණු ලැබුවා.

2015 වසරේදී රජයට සම්බන්ධ අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්තමේන්තු, රාජ්‍ය නොවන සංවිධාන වැනි ආයතන 831 ක් සමීක්ෂණය කර එයින් ආයතන 80 කට මෙලස රන් හා රිදී පදක්කම් ලබා දී තිබෙනවා.