Thursday, April 25, 2024

General line - 0115112241

දිරිය නෙත් සත්කාරයෙන් පාසල් පුස්තකාලයක් විවෘත වෙයි (PHOTOS) (UPDATE)




දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ අඩු පහසුකම් සහිත තවත් පාසලක පුස්තකාලයක් විවෘත කිරීම අද (14) සිදු කෙරුණා.

ඒ, ගාල්ල මලල්ගොඩ දික්කුඹුර සිිරි සීවලී විද්‍යාලයේයි.

විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් පොත්පත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ගාල්ල අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වන ඩබ්ලිව්. එස්. ඩී. කල්‍යාණි එක්ව සිටියා.

මීට පෙර අවස්ථාවන් රැසකදී ද දිරිය නෙත් සමාජ සත්කාරය හරහා දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් රැසක අවශ්‍යතාවන් වෙනුවෙන් ව්‍යාපෘති දියත් කෙරුණා.

 

 

----------------------------------

දිරිය නෙත් පාසල් පුස්තකාලයක් ගාල්ලට (UPDATE)

(14-11-2017 07:23)

දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ අඩු පහසුකම් සහිත තවත් පාසලක පුස්තකාලයක් විවෘත කිරීම අද (14) සිදු කෙරෙනවා.

, ගාල්ල මලල්ගොඩ දික්කුඹුර සිිරි සීවලී විද්‍යාලයේයි.

එහි විදුහල්පති චන්දන විජේවික්‍රම කියා සිටියේ රටේ සංස්කෘතිය වැවක් හා බැඳී ඇති ආකාරයට පාසලේ සංස්කෘතිය පුස්තකාලය හා බැඳී ඇති බවයි.

ගමේ අනාගතය ද පුස්තකාලය හා බැඳී ඇති බවද විදුහල්පතිවරයා කියා සිටියා.

ගාල්ල මලල්ගොඩ දික්කුඹුර සිරි සීවලී විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් පොත් පත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු කෙරෙනවා.

---------------------

දිරිය නෙත් වෙතින් හෙට 'දික්කුඹුර සිිරි සීවලී විදුහලට' පුස්තකාලයක් (13-11-2017 19:23)

දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ අඩු පහසුකම් සහිත තවත් පාසලක පුස්තකාලයක් විවෘත කිරීම හෙට(14) සිදු කෙරෙනවා. 

ඒ, ගාල්ල මලල්ගොඩ දික්කුඹුර සිිරි සීවලී විද්‍යාලයේයි. 

ගාල්ල මලල්ගොඩ දික්කුඹුර සිිරි සීවලී විද්‍යාලයේ  දරු දැරියන් වෙනුවෙන් පොත් පත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු කෙරෙනවා.