Friday, April 26, 2024

General line - 0115112241

මන්චි ජාතික වොලිබෝල් අවසන් මහා තරග 18

කසුන් කැලුම් 




මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ ආධුනික හා සුපර් ලීග් කාණ්ඩයන්හි අවසන් මහා තරග ලබන 18 වනදා පැවැත්වෙනවා. 

ඒ, මහරගම ජාතික තරුණ සේවා සභාවේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීියි. 

ආධුනික කාන්තා අවසන් මහා තරගය සඳහා බෝයගම, සිරිපැරකුම් ක්‍රීඩා සමාජය සහ මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා තිබෙනවා. 

ආධුනික පිරිමි අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් සහ ගාල්ල එස් එල් ඒ ඕ සී යන ක්‍රීඩා  සමාජයි. 

සුපර් ලීග් කාන්තා අවසන් මහා තරගයට  ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා සිටිනවා. 

සුපර් ලීග් පිරිමි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ක්‍රීඩා සමාජයයි.