Thursday, April 25, 2024

General line - 0115112241

පාරේ ගිය කාරය වෙළඳසැළකට කඩා වැදී තරුණයා බිළිගත් CCTV වීඩියෝව 

කේ බුද්ධික කුමාරසිරි




කොළඹ -  අවිස්සාවේල්ල මාර්ගයේ කොස්ගම කනම්පැල්ල මංසන්ධියේදී ඊයේ (12) සවස මෝටර් රථයක් මාර්ගයෙන් ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වී මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයෙකු ද යට කරමින් අසල වෙළඳසැළකට කඩා වැදීමෙන්  සිදු වූ අනතුරින් එම තරුණයා මිය ගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසනවා.

මෙම අනතුරින් මිය ගියේ කොස්ගම පරණගම ප්‍රදේශයේ පදිංචිව සිටි මධූෂ කවීෂ නමැති 19 හැවිරිදි තරණයෙක්.

මෝටර් රථයේ රියදුරුට නින්දයාම නිසා මෙම අනතුර සිදුව ඇතැයි සිදුකළ  මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසනවා.

 මෝටර් රථයේ රියදුරුද සුලු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර පසුව  සැක පිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළා.

අනතුර සිදුවන ආකාරය අසල වෙළඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.