Thursday, April 25, 2024

General line - 0115112241

රජයට ලැබුණු ආදායම පනතක් නිසා අඩු වුණා

ඩිල්ෂාන් මඩවල




ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට මෙවර අය - වැයෙන් යෝජනා කර ඇත්තේ ජාතික අවශ්‍යතාවන් සැළකිල්ලට ගනිමින් බව අමාත්‍ය දයා ගමගේ පවසනවා.

එසේ නොමැතිව එය තමන් සහා පෞද්ගලික වාසියක් සැළසීමට ඉදිරිපත් කළ යෝජනාවක් නොවන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු අවධාරණය කළේ.

අදාළ පනත 2011 වසරේදී සම්මත කෙරුණු අතර, අමාත්‍ය දයා ගමගේට අයත්ව තිබූ සෙවණගල සිනි කර්මාන්ත ශාලාව ආණ්ඩුවට පවරා ගැණුනේ ද ඒ යටතේයි.

කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ අදාළ පනත හේතුවෙන් රටට ගලා එන ආයෝජන අවම වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් රජය නව වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, සෙවණගල සීනි කර්මින්ත ශාලාව අමාත්‍ය දයා ගමගේට නැවත පැවරීමට තමන් විරුද්ධ වන බවද එහි වෘත්තිය සමිති කිහිපයක් මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ  (13)කියා සිටියා.