Saturday, April 20, 2024

General line - 0115112241

පිටියට සමු දෙන අජ්මාල්

කසුන් කැලුම්




පාකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙවර ජාතික පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තමන් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි අජ්මාල් ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ.

මේ වනවිට 40 හැවිරිදි වියේ පසුවන ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේ 2008 වර්ෂයේදීයි.

ඔහු එහිදී ටෙස්ට් තරග 35ක්, එක්දින තරග 113ක් සහ පන්දුවාර විස්ස තරග 64කදී පකිස්තානය නියෝජනය කර තිබෙනවා. සයිඩ් අජ්මාල් දවාගෙන ඇති ටෙස්ට් කඩුලූ සංඛ්‍යාව 178ක්.

එක්දින කඩුලූ 184ක් දවා ගැනීමට ද ඔහු සමත් වුණා.

සිය පන්දු යැවීමේ ඉරියව් නිවැරදි නොවීම හේතුවෙන් අජ්මාල්ට 2015 වසරේදී කණ්ඩායමේ සිය ස්ථානය ද අහිමි වුණා.

එතැන් සිට මේ දක්වා ඔහුට පකිස්තානු කණ්ඩායමේ ස්ථානයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.