Thursday, April 25, 2024

General line - 0115112241

ජයලලිතාගේ හිතවතුන් සතු හෙළි නොකළ කෝටි ගණනක ධනය සොයාගැනේ 

ධරිත් පෙරේරා - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දූෂණ චෝදනා මත සිරගතව සිටින තමිල්නාඩු හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ සමීපතම හිතවතුන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ රුපියල් කෝටි 1430ක ධනය බදු නිලධාරීන් හෙළිදරව් කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ සොයාගෙන ඇත්තේ තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ්, පුදුචෙරි සහ දිල්ලි හි ඔවුන්ට හිමි ව්‍යාපාර සහ වත්කම් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. 

මෙහිදී හෙළි නොකළ රුපියල් කෝටි 07ක මුදල් සහ රුපියල් කෝටි 05ක රන්ද සොයාගෙන තිබෙනවා.

ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ රූපවාහිණි නාලිකාවක් ලෙස සැලකෙන ජයා ටී.වී ආයතනය බදු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා තුල සඳහන්.

තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති පලනිස්වාමි, ජයලලිතා ජයරාම්ගේ සමීපතම මිතුරිය වූ සෂිකලාගේ ප්‍රතිවාදීන් වන පන්නීර්සෙල්වම් පිළ සමඟ එක්වීමත් සමඟ මෙම රූපවාහිණි නාලිකාව තමිල්නාඩු ප්‍රාන්ත රජය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.