Friday, April 19, 2024

General line - 0115112241

බ්‍රහස්පති මෙන් 13 ගුණයක් විශාල ග්‍රහලෝකයක් සොයාගත් හැටි (VIDEO) 

ධරිත් පෙරේරා - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පෘථිවියේ සිට ආලෝක වර්ෂ 22,000ක් දුරින් පිහිටි බ්‍රහස්පති ග්‍රහයා වැනි 13 ගුණයක් විශාල නව ග්‍රහලෝකයක් නාසා ආයතනය සොයාගෙන තිබෙනවා.

මෙය නම්කර ඇත්තේ OGLE-2016-BLG-1190Lb ලෙසයි.

එම නව ග්‍රහලෝකය අසළින් තවත් කුඩා දුඹුරු පැහැති ග්‍රහ වස්තුවක්ද දිස්වනු ලබනවා.

මෙය චන්ද්‍රයෙක්ද යන්න පිළිබඳව තාරකා විද්‍යාඥයින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුල සඳහන්.

මෙම ග්‍රහලෝකය නිරීක්ෂණය කර ඇත්තේ ස්පිට්සර් (Spitzer) නම් දුරේක්ෂයෙන්.

මෙය සෑම වසර තුනකට වරක්ම එහි කහ පැහැති මාපිය තරුව වටා කක්ෂයට ගමන් කරනු ලබනවා.