Friday, March 29, 2024

General line - 0115112241

මීරිගම රූපලාවන්‍යාගාරයක් තුල මියගිය තරුණියගේ මරණය ගැන සැකයක්! - පොලිසිය කියන දේ මෙන්න

ධරිත් පෙරේරා




මීරිගම පොලිසිය ඉදිරිපිට පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළදී තරුණියක් සැකකටයුතු අන්දමින් ඊයේ (13) දහවල් මියගොස් තිබෙනවා.

අදාළ තරුණිය රූපලාවන්‍ය කටයුතු සම්බන්ධයෙන් පුහුණුවීම සඳහා මෙම ආයතනයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

දිනේෂා චතුරංගනී නැමති 21 හැවිරිදි මෙම තරුණිය මීරිගම කිතලවලාන ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා. 

තරුණිය රූපලාවන්‍යාගාරය තුළ මියගොස් සිටින ආකාරය පළමුව දැක තිබුණේ අදාළ ගොඩනැගිල්ලේ හිමිකාර කාන්තාව විසින්.

මෙම මරණය සිදුවන අවස්ථාවේදී රූපලාවන්‍යාගාරය පවත්වාගෙන ගිය අනෙක් තරුණිය සිටි නොමැති අතර මියගිය තරුණිය පමණක් සිටි ඇති බවයි ආනාවරණය වී ඇත්තේ.

තරුණිය මියගිය ස්ථානය අසල කොණ්ඩය වියලන විද්‍යුත් උපකරණයක් හා විදුලි පේනුවක් තිබූ අතර එම ස්ථානය අවට ජලයද විසිරී තිබූ අතර පොලිසිය සැක පළ කරන්නේ තරුණිය විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවටයි.

මරණ පරීක්ෂණය සඳහා සිරුර වතුපිටිවල මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර මීරිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.