Saturday, April 20, 2024

General line - 0115112241

හිරගෙදර සිටින රණවිරු  සුමිත්ට 'ඇප නැති නිසා'  නැන්දම්මා ළිඳට පනී!(PHOTO)

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර




2008-2009 වසරවල පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාර ගතකර  සිටින නාවික හමුදාවේ සුමිත් රණසිංහගේ බිරිඳගේ මෑණියන් නිවසේ ළිඳට පැන සියදිවි හානි කරගන තිබෙනවා.

නිවැසියන් පවසන්නේ  පසුගිය 10 වැනිදා පැවති නඩු විභාගයෙන් ඇප ලැබේයැයි තිබූ අපේක්ෂාව බිඳ වැටීම හේතුවෙන් සිත්තැවුලට පත්ව සිටි ඇය මෙලෙස දිවි නසාගෙන ඇති බවයි.

මෙලෙස සියදිවි හාණිකරගෙන තිබුණේ හමන්ගල්ල ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි ආර් පී මේරි මාතාවයි.

වැඩිමහල් දියණියගේ අධ්‍යාපනය පියාගේ බන්ධනාගාරගතවීම තුළ පහත වැටීමෙන් සැමියා බලාපොරොත්තු වූ ජනප්‍රිය පාසැලකට දමාගැනීමේ සිහිනය බොඳ වීම නිසා  සිය  මව නිවසේ නිරන්තරයෙන් හඬා වැටෙමින් දිවිගෙවූ බවයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදාවේ සුමිත් රණසිංහගේ බිරිඳ සඳහන් කළේ.