Friday, March 29, 2024

General line - 0115112241

කුවේට් ගොස් හිංසාවලට ලක්වූ කාන්තාවන් පිරිසක් දිවයිනට (PHOTOS)




කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ හිංසාවලට ලක්වූ කාන්තාවන් 27 දෙනෙක් අද (14) දින උදෑසන දිවයිනට පැමිණියා. 

සංචාරක වීසා මත ගොස් රැකියාවල නිරත වීම, සේවා ගිවිසුම ඉක්මවීම සහ රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර ආදිය හේතුවෙන් මෙලෙස දිවයිනට යළි ගෙන්වීමටයි කටයුතු කර තිබුණේ. 

අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළගේ මැදිහත්වීම මත මොවුන් දිවයිනට ගෙන්වීමට කටයුතු කර තිබෙනවා. 

මේ වනවිට කුවේට් රජය මඟින් පවත්වාගෙන යනු ලබන සුභසාධන කඳවුරෙහි ශ්‍රී ලාංකිකයින් කිසිවෙකු නොමැති බවයි විදේශ රැකියා අමාත්‍යාංශය පැවසුවේ. 

කුවේට් සුරක්ෂා නිවාසයේ තවත් කාන්තාවන් 85 ක් පමණක් ඉතිරිව සිටින බවයි අමාත්‍යාංශය පැවසුවේ. 

ඔවුන් ද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරිය, තානාපති කාර්යාල නිළධාරීන්ට උපදෙස් දී තිබෙනවා. 

නීතිමය ගැටලුවලට මුහුණ දී සිටින ලාංකික ශ්‍රමිකයන් ද මෙම වසර අවසන් වීමට පෙර දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවයි විෂයබාර අමාත්‍යාංශය පැවසුවේ. 

මෙසේ විවිධ කරදරවලට ලක්වූ 1324 දෙනෙකු 2016 වසරේ දී ගෙන්වීමට කටයුතු කර තිබුණා. ඒ සඳහා වැය කර ඇති මුදල කුවේට් ඩිනාර් 17,392 ක්.