Thursday, April 25, 2024

General line - 0115112241

ගුරු විවේකාගාරයේ තනිවම සිටි තරුණ ගුරුවරියට ලිංගික හිරිහැර කළ විවාහක ගුරුවරයෙකු ගැන විමර්ශන

ජුඩ් සමන්ත - පුත්තලම




ආණමඩුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක සේවය කරන තරුණ ගුරුවරියකට අතවර කිරීමට තැත්කළ ගුරුවරයෙකු සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ගුරුවරිය වයස අවුරුදු 29ක් වන අවිවාහක තරුණියක්.

සිද්ධියට සම්බන්ධ ගුරුවරයා වයස අවුරුදු 30ක් වූ විවාහක පුද්ගලයෙකු බව පොලිස් විමර්ශන වලදී අනාවරනය වී තිබෙනවා.

අධික වර්ෂාවක් පැවති පසුගිය දිනෙක පාසල නිමාවීමෙන් පසුව ගුරුවරිය, ගුරු විවේකාගාරයේ තනිව සිට තිබෙන බවයි අප වාර්තාකරු කියා සිටියේ.

එම අවස්ථාවේදී ගුරු විවේකාගාරයට පැමිණි සැකකාර ගුරුවරයා “ඔයා මට බයද?” යැයි ගුරුවරියගෙන් විමසා තිබුණා.

“බය වෙන්න ඔයා යකෙක්ද?” කියා ගුරුවරිය පෙරළා විමසා තිබෙනවා.

එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ ගුරුවරයා, ඇයව සිප වැළදගෙන, අතවර කිරීමට සුදානම් වූ බවයි ගුරුවරිය විසින් කළ පැමිණිල්ලේ සඳහන් වී ඇත්තේ.

සිද්ධියට මුහුණ දී ඇති ගුරුවරියගේ මවද විශ්‍රාමික විදුහල්පතිනියක් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නිළධාරීන් ගුරුවරිය සහ ඇයට අතවර කිරීමට උත්සාහ කළ බව කියන ගුරුවරයා පාසල් 2කට මාරු කර තිබෙනවා.

වැඩිදුර විමර්ශන නවගත්තේගම පොලිසිය මගින් ක්‍රියාත්මකයි.