Friday, April 19, 2024

General line - 0115112241

ආසියානු යොවුන් කුසලාන සිහිනය බොඳවේ 




ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අද (14) අහිමි වී ගියා. 

ඒ අද පැවැති පළමු වටයේ තරගයකදී ඇෆ්ගනිස්ථානය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය පරාජය කිරීමත් සමගයි. 

පළමු වටයේදී ඛාණ්ඩ  2ක් යටතේ තරග පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව 'ඒ' ඛාණ්ඩයෙන් තරග වැදුණා. 

අවසන් පූර්ව වටයට පිවිසෙන්නේ එක් එක් ඛාණ්ඩයේ පළමු ස්ථාන 2 ලබාගන්නා කණ්ඩායම් පමණයි. 

එහෙත් ශ්‍රී ලංකාවට හිමිවුණේ 'ඒ' ඛාණ්ඩයේ 3 වන ස්ථානයයි. 

අද ලැබූ ජයග්‍රහණයත් සමග ඇෆ්ගනිස්ථානය එම ඛාණ්ඩයේ පෙරමුණ ගත් අතර පකිස්ථානය දෙවන ස්ථානය ලබාගත්තා. 

ඇෆ්ගනිස්ථානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය අතර අද පැවැති තරගය කණ්ඩායමකට පන්දුවාර 20කට සීමාවූ එකක්. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 224ක් ලබාගත්තා. 

ඊට පිළිතුරු වශයෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ලබාගත්තේ කඩුලු 9ක් දැවී ලකුණු 90ක් පමණයි.