Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය ඒකාබද්ධය සමග පුංචි ඡන්දයට? කපුකමට ඇමතිවරු 03ක්

හේමන්ත කහවලගේ




එළඹෙන මැතිවරණයේදී  ඒකාබද්ධ විපක්ෂය සමග සන්ධාන ගතවී තරග වැදීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් තිදෙනෙකු ද පත් කර ඇති බවයි වාර්තා වන්නේ.  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එම තිදෙනායි. 

මෙම යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය විසින්.

පුළුල් සන්ධානයක් යටතේ එළඹෙන පළාත් පාලන මැතිවරණය ට තරග වැදීමේ දී දෙපාර්ශවය අතර ඇති කරගන්නා කොන්දේසි කිහිපයක් සම්බන්ධයෙන් ද මේ වනවිටත් සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ. දෙපාර්ශවය විසින් තෝරාගත් පළාත් පාලන ආයතන 50ක් සඳහා සිය නියෝජතයින් පත් කර ගන්නා බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. ඒ අනුව, ඉදිරි මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බුලත් කොළය ලකුණින් තරග වැදීමට ද යෝජනා වී තිබෙනවා.