Thursday, April 25, 2024

General line - 0115112241

රජරට රැජිණ නොමග යයි - දුම්රිය ධාවනයට බාධා




උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ, මැදවච්චිය සහ පරසන්ගස්වැව දුම්රිය ස්ථානයන් අතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන්.

මෙලෙස  පීලි පැනීමට ලක්ව ඇත්තේ මාතර සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජින සීග‍්‍රගාමී දුම්රියයි. මේ හේතුවෙන් එම මාර්ගයේ ධාවනය වන දුම්රියන් අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.