Thursday, April 25, 2024

General line - 0115112241

පොලිසියට තර්ජනය කළ විද්‍යා ඝාතන නඩුවෙන් නිදහස් වූවෙක් යළි රිමාන්ඩ්

මාධව කුලසූරිය -වවුනියාව




යාපනය විද්‍යා දැරිය ඝාතන නඩුවෙන් නිදහස් වූ පුද්ගලයෙකු යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, අදාල නඩුව කැඳවූ අවස්ථාවකදී සැකකරු පෙලිස් නිලධාරියෙකුට මරණ තර්ජනය කිරීම හේතුවෙන්.

යාපනය කයිට්ස් මහේස්ත‍්‍රාත් ඒ එම් එම් රියාල් නියෝග කළේ සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් නැමැත්තෙක්. සැකකරුට එරෙහිව කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණයේ තවත් නඩු පවතින බවද පොලිසිය සඳහන් කළේ.