Thursday, April 25, 2024

General line - 0115112241

දල්මියා කළ මෙහෙය තිලංගගේ පැසසුමට

කසුන් කැලුම්




‘‘ජග්මෝහන් දල්මියා’’ අවස්ථා 2කදී ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය දකුණු ආසියානු කලාපයට ගෙන ඒම සඳහා පුරෝගාමීව කටයුතු කළ අයෙකු බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසනවා. ඔහු මේ  බව කියා සිටියේ බෙංගාල කි‍්‍රකට් සංගමය වාර්ෂිකව පවත්වන ‘‘ජග්මෝහන් දල්මියා’’ අනුස්මරණ දේශණය සිදු කරමින්. එම සංගමයේ සභාපති සව්රව් ගංගුලි විසින් තිලංග සුමතිපාලට මෙවර ‘‘ජග්මෝහන් දල්මියා’’ අනුස්මරණ දේශනය සිදු කරන ලෙස ආරාධනා කර තිබුණා. 

‘‘ජග්මෝහන් දල්මියා’’ අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ සහ ඉන්දිය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක්. ඔහු 2005 වර්ෂයේදී මිය ගියේ 75 වන වියේදියි. දේශනය පවත්වමින් තිලංග සුමතිපාල කියා සිටියේ ‘‘ජග්මෝහන් දල්මියා’’ ඉන්දිය ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සාර්ථකත්වයේ සලකුණක් බවයි. ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ මුල්‍ය ශක්තිමත්භාවය ස්ථාවර කිරීමට ඔහු කළ මෙහෙය විශිෂ්ට බවයි තිලංග සුමතිපාල මෙහිදි කියා සිටියේ.

කොල්කටා නුවර ඊයේ පස්වරුවේ පැවති මෙම දේශනයට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සහ ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයන්ද එක්ව සිටියා. එහිදී ‘‘ජග්මෝහන් දල්මියා’’ක‍්‍රිකට් ක්ෂේත‍්‍රය වෙනුවෙන් ඔහුගේ බිරිඳට සහ දියණිය ඇගයීමක්ද සිදු කෙරුණා. ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කළේ ඉන්දිය ක‍්‍රිකට් නායක විරාත් කෝලි සහ ශ‍්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් විසින්.