Friday, April 19, 2024

General line - 0115112241

හිටපු නිලධාරීන් 04ක් යළි බන්ධනාගාරයට




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානි ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනා ලබන 21දා දක්වා අද (15) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි.

ඉකුත් ආණ්ඩුව සමයේ කැබිනට් අනුමැතියෙන් හෝටල් ව්‍යාපෘතියක් ස`දහා වෙන් කරන ලද මුදලකින් කොටසක් වෙනත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා අයථා ලෙස යෙදවිම ඔවුන්ට එරෙහිව ඇති චෝදනායි. සැකකරුවන් වෙනුවෙන් සිදු කල ඇප ඉල්ලීම මීළඟ නඩු වාරයේදී සළකා බලන බවයි මහේස්ත‍්‍රාත්වරිය මෙහිදී සඳහන් කළේ. 

හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඩී.කේ.පී දසනායකද වහාම බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා. ඔහු මේ දක්වා ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටියේ වැලිසර නාවික හමුදා රෝහලේයි.

හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඩී.කේ.පී දසනායක ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. ඒ, කොළඹ ප‍්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන්. හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැලිසර නාවික රෝහලේ ප‍්‍රතිකාර ලැබීම බන්ධනාගාර පනතට සහ එහි ප‍්‍රතිපාදනවලට පටහැනි බවට අගතියට පත් පාර්ශවය අධිකරණයට කරුණු දක්වා තිබුණා. එ

ම කරුණු සැලකිල්ලට ගනිමින් ඔහු බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ.