Thursday, April 25, 2024

General line - 0115112241

යාපනයේ කඩු ගත් කල්ලියක් යළි ක්‍රියාත්මකයි - එකම කල්ලියක් තැන් හතරක දී අට දෙනෙකු කපා දමලා (VIDEO/PHOTOS)

රොමේෂ් මධුසංඛ - වන්නි




යාපනය දිස්ත්‍රික්කයේ කඩු කිනිසි ගත් තවත් බිහිසුනු කල්ලියක් විසින් ඊයේ (14) රාත්‍රියේ ස්ථාන 4 කදී පුද්ගලයින් 8 දෙනෙකු කපා පලා ගොස් තිබෙනවා.

මණිපායි පොලිස් වසමේ සංගුවේලි උතුර ප්‍රදේශයේ අද (15) දින විදෙස්ගත වීමට සූදානම් වූ පවුලක තිදෙනෙකු හා ත්‍රී රෝද රථ රියදුරෙකු ඊයේ රාත්‍රී  යතුරු පැදි 5කින් පැමිණි පිරිසක් විසින් පළමුව  කපා තුවාල කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුපස හඹා ආ යතුරුපැදි කල්ලියට බිය වූ අයෙකු, වෙනත් අයෙකුගේ  නිවසට දිව ගොස් ඇති අතර යතුරුපැදි කල්ලිය එම නිවෙසේ පිරිසට මෙලෙස කපා  තුවාල කර ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙම යතුරු පැදි කල්ලිය යන අතරමගදී නැවත යාපනය පොලිස් වසමේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කුලසිංහම් කුලප්‍රදීපන් නැමත්තෙකුද කපා දමා තිබෙනවා.

අනතුරුව කෝපායි පොලිස් වසමේ මුකමඩම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ධනබාලසිංහම් එක්මන්රාජ් හා ජේසුදාසන් ජෙගන්දන් නැති දෙදෙනාවද තියුණු ආයුද වලින් කපා අදාල යතුරුපැදි කල්ලිය පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරු මෙම පිරිස  කොණ්ඩාවිල් බස්නැවතුම් පල ඉදිරිපිට පිහිටි වෙළඳසැලක් ඉදිරිපිට සිටි සේලවරාසා මණ්මාරන් නැත්තෙකුද තියුණු ආයුධ වලින් කපා කොටා  පලා ගොස් ඇති බවටද යාපනය පොලීසිය සඳහන් කළා.

මේ අතර කපා දැමීම් හේතුවෙන්  දින දෙක ඇතුළත පුද්ගලයින්  12 දෙනෙකු  බරපතල  තුවාල සහිතව මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.