Wednesday, April 24, 2024

General line - 0115112241

ප්‍රවේශම්වන්න! වෛරසයක් පැතිරීමේ අවධානමක් යළිත්

චම්ලි ඒකනායක




ඉන්ෆ්ලුවන්සා රෝගය මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බැවින් කල්පනාකාරී වන්නැයි වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග විශේෂඥ ජූඩ් ජයමහ ඉල්ලා සිටිනවා. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ඉන්ෆ්ලුවන්සා වෛරසය පැතිර යන බවත්, මේ දිනවල පැතිර යන්නේ ඉන්ෆ්ලුවන්සා "බී" වෛරසය බවයි වෛද්‍යවරයා සදහන් කළේ.

මෙම වෛරසය කුඩා ළමුන්ට හා වයස් ගතවූවන්ට ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බැවින් එවැනි අය සෙනඟ වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයන් වෙත නොයන ලෙසයි වෛද්‍යවරයා උපදෙස් දෙන්නේ. කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ඇඟපතේ වේදනාව, කෑම අරුචිය මෙම රෝගයේ විශේෂ ලක්ෂණ වනවා.

පසුගිය මාසයේදී වෛද්‍ය පර්යේෂණායතනයට ඉන්ෆලුවන්සා බි යැයි සැක කරන රෝගීන් 300ක් පමණ දෙනාගේ සෙම සාම්පල් ලැබී ඇති අතර ඉන් පුද්ගලයන් 40ක් පමණ රෝග කාරක වෛරසය ආසාදනය වූවන් බව තහවුරුව තිබෙනවා.