Wednesday, April 24, 2024

General line - 0115112241

නැගෙනහිර ළිංවල වෙනස්කමක්! ජනතාව කලබලවෙයි! භූ කම්පනය ගැන පැතිරෙන ආරංචියේ ඇත්ත නැත්ත මෙන්න




ශ‍්‍රී ලංකාව තුළ භූ කම්පනයක් ඇති වී නොමැති බැවින් අම්පාර සහ මඩකලපුව ප‍්‍රදේශවල ජනතාවට කිසිදු බියක් ඇති කර නොගන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

එහි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ අම්පාර සහ මඩකළපුව ප්‍රදේශයන්හි මුහුදේ සහ ළිංවල ඇතිව ඇති වෙනස්කමක් නිසා භූ කම්පනයක් සිදුවීමේ අවධානමක් සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාව කලබලයට පත්ව ඇති බවය. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශය එවැනි කිසිදු අවධානමක් නැතැයි දන්වා ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. ළිංවල ඇතිව ඇති වෙනස සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අදාල අංශවලට දැනුම් දී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

අසත්‍ය ප‍්‍රචාර පතුරුවාහරින පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මඩකලපුව සහ අම්පාර ප‍්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිසිය ද යොදවා සිටිනවා.