Thursday, March 28, 2024

General line - 0115112241

යාපනයේ කඩුගත් කල්ලිය " පහරදෙන " දර්ශණ පටිගත වෙලා - වීඩියෝව මෙන්න 

සුගත් ධර්මප්‍රිය/රොමේෂ් මධුසංඛ-වන්නි




යාපනය මවුන්ටන් මාර්ගයේ දී කඩු කිණිසි රැගත් කණ්ඩායමක් පිරිසකට පහරදෙන වීඩියෝවක් nethnews.lk වෙත ලැබී තිබෙනවා.

පසුගිය 12 වනදා යතුරු පැදි දෙකකින් පැමිණි කණ්ඩායමක් මෙම පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනෙක් මේ වනවිට යාපනය රෝහලේ 24වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.

මෙහිදී තුවාල ලබා ඇත්තේ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි ගජේන්ද්‍රන් සහ කච්චේරි මාවතේ පදිංචිව සිටි 44 හැවිරිදි සතාසිවම් යන දෙදෙනායි.

එම පහරදීමට අදාළ CCTV දර්ශන පහතින් දැක්වෙනවා.