Saturday, April 20, 2024

General line - 0115112241

නිසාන් ලීෆ් Brand New වාහන ලංකාවට එවන්න ජපානය සුදානම් - නිසාන් මව් සමාගමේ ඒ සඳහා වූ නියමයන් මෙතැනින් දැනගන්න

සුගත් ධර්මප්‍රිය 




නිසාන් ලීෆ් නවතම වාහන (Brand New) 2018 වසරේ සිට ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නිකුත් කරන  බව ඇසෝසියේටඩ් මෝටර්වේස්  සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ප්‍රදීප්  විජේරත්න පවසනවා.

nethnews.lk සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මව් සමාගම සමග සාකච්ඡා කර ඇති බවයි.


ජපානයේ නිසාන් සමාගම විද්‍යුත් වාහන  ගෙන්වීමේදී නියමයන් කිහිපයක් සම්බන්ධයෙන් අවදානය යොමු කරන බවයි ප්‍රදීප්  විජේරත්න පෙන්වා දෙන්නේ.

ඉවත්කරන බැටරි නිවැරදිව  ගබඩා කරන අයුරු, ඉවත්කරන බැටරි යළි ප්‍රතිඅපනයනය  කරන අයුරු සහ බැටරි ආරෝපණය ඇතුළු යටිතල පහසුකම් එම නියමයන් මගින් සලකා බැලෙනවා.

එම  පහසුකම්  සම්පූර්ණ කිරීම නිසා  මෙම වාහන ලබන වසරේදී මෙරටට ගෙන්වීමේ අවස්ථාව හිමිවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.