Saturday, April 20, 2024

General line - 0115112241

පළමු තරගයේ දෙවන දිනය කලින්ම ඇරඹෙයි

කසුන් කැලුම්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. තරගය නියමිත වේලාවට පෙර ආරම්භ කෙරුණා. ඒ, වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය ඊයේ පන්දුවාර 11යි පන්දු 05කට සීමාවීම හේතුවෙන්.

----------------------------------------------------

වසර 30කට පසුව ශී‍්‍ර ලංකාව ඉන්දියාවේදී කි‍්‍රකට් වෙනස් කළ හැටි

16-11-2017 19:34

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් අසරණ කිරීමට සුරංග ලක්මාල් අද (26) සමත් වුණා. 

අඳුරු ආලෝකය හේතුවෙන් දිනය නිමා වන විට පළමු ඉනිම කී‍්‍රඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 17ක්. 

ෂිකර් ධවාන්, ලෝකේෂ් රාහුල් සහ නායක විරාත් කෝලි දැවී ගිය කී‍්‍රඩකයන්. එම කඩුලු 3ම දවා ගත්තේ සුරංග ලක්මාල්. අද දිනයේ සුරංග ලක්මාල් යැවූ පන්දුවාර 6ම නිලකුණු පන්දුවාර වීමද කැපීපෙනුණා.

කොල්කටා හි ඊඞ්න් ගාර්ඞ්න් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය වර්ෂාව හේතුවෙන් ආරම්භ වූයේ දිවා ආහාරයෙන් පසුවයි. 

තරගයේ කාසිය වාසිය දිනූ  ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුන්නා. 

එම කී‍්‍රඩාංගණයේදී කාසිය වාසිය දිනූ කණ්ඩායමක් ප‍්‍රතිවාදී කණ්ඩායමකට පළමුවෙන් පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන්නේ වසර 30 කට පසු ප‍්‍රථමවරට වීමද විශේෂත්වයක්. 

මෙම තරගය සඳහා කොල්කටා තණතීරුව සකසා ඇත්තේ වේග පන්දුයවන්නන්ට වාසිදායක අයුරින්. 

ඒ, ඉන්දීය කණ්ඩායමේ එළඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරය ඉලක්ක කර ගනිමින්. 

------------------------------------------- 

පන්දුවාර හයයි..ලකුණු නෑ..විකට් තුනයි - සුරංග ලක්මාල් ඉන්දීය ප්‍රභලයන් දණ ගස්වන හැටි මෙන්න (16-11-2017 15:34)

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් අසරණ කිරීමට සුරංග ලක්මාල් අද (16) සමත් වුණා.  

පළමු ඉනිම කී‍්‍රඩා කරන ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ 3ක් දැවී ලකුණු 17ක් රැස්කර සිටියා.

ෂිකර් ධවාන්, ලෝකේස් රාහුල් සහ නායක විරාත් කෝලි දැවී ගිය කී‍්‍රඩකයන්. එම කඩුලූ 3ම සුරංග ලක්මාල් විසින් දවා ගත්තා.

අද දිනයේ සුරංග ලක්මාල් යැවූ පන්දුවාර 6ම නිලකුණු පන්දුවාර වීම කැපීපෙනුනා.

වර්ෂාව හේතුවෙන් තරගය ප‍්‍රමාද වී ආරම්භ වූ අතර  තරගයේ කාසිය වාසිය දිනා ගත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි. මෙම තරගය කොල්කටා නුවර ඊඞ්න් ගාර්ඞ්න් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා.

---------------------------------------

තරගය යළි ඇරඹෙයි - ඉන්දියාවේ තවත් කඩුල්ලක් බිඳවැටෙයි (UPDATE)

(16-11-2017 15:34)

වර්ෂාව හේතුවෙන් බාධා වූ සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය යළි ආරම්භ කෙරුණා.

ඒ අනුව මේ වන විට පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායමේ තවත් කඩුල්ලක් බිඳ වැටී තිබෙනවා.

පන්දුවාර 11යි පන්දු 03ක් අවසානයේ ලකුණු 17 ක් ලබා සිටින ඉන්දීය කණ්ඩායමේ බිඳවැටී ඇති කඩුලු සංඛ්‍යාව 03ක්.

---------------------------

කඩුලු දෙකක් බිඳ වැටේ - තරගයට වැස්සෙන් බාධා - (UPDATE)

16-11-2017 14:42

 

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර කොල්කටා නුවර ඊඞ්න් ගාර්ඞ්න් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පැමිණි ඉන්දියාවේ කඩුළු 02ක් දැවී ලකුණු 17ක් රැස්කර සිටින්නේ පන්දුවාර 8යි පන්දු 2ක් හමුවේයි.

------------------------------------

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට (UPDATE)

16-11-2017 13:15

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවුණා. අනතුරුව ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළා.

අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.

 

 

----------------------------------------------------------------

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 13ක්ම ඉන්දියාවට නවකයෝ! .

16-11-2017 12:15

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර කොල්කටා නුවර ඊඞ්න් ගාර්ඞ්න් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. තරගයේ කාසිය වාසිය උරගා බැලීමටද හැකි වී නැහැ. තරග තීරක ඩේවිඩ් බූන් විසින් පිටිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අද තරගය පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දීයාව අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතයි. 

ශී‍්‍ර ලංකාව මෙතෙක් ඉන්දියාවේදී ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට සමත් වී නැහැ. ශී‍්‍ර ලංකාව අවසන් වරට ඉන්දීයාවේදී ටෙස්ට් තරගාවලියකට එක් වූයේ 2009 වසරේදීයි. වත්මන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඉන්දියාවේදී ටෙස්ට් තරගයකට කී‍්‍රඩා කර ඇත්තේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ රංගන හේරත් පමණයි. සංචිතයට ඇතුළත් ඉතිරි ක්‍රීඩකයින් දහතුන් දෙනාම ඉන්දියාවේදී ටෙස්ට් තරග සඳහා සහභාගී වී නැත. 

මෙම  තරග සංචාරයේදී ශී‍්‍ර ලංකාව, ඉන්දියාව සමග එක්දින තරග 3කට සහ පන්දුවාර විස්ස තරග 3කටද සහභාගි වනවා.

-------------------------------------------------

ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා

16-11-2017 10:36

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (16) ආරම්භ වන ටෙස්ට් කි‍්‍රකට් තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ තිබෙනවා. තරගය ආරම්භ වීමට නියමිතය තිබුණේ ශ‍්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ටයි.

එහෙත් තණනිල්ල තෙත සහිත වීම නිසාත් මද වැසි ඇදහැලෙමින් තිබීම නිසාත් නියමිත වේලාවෙට තරගය ආරම්භ කිරීමට හැකිව තිබුණේ නැහැ. වැසි නැවතී මද වේලාවකට පසු තණනිල්ල ආවරණ ඉවත් කෙරුණා. එහෙත්  යළි වැසි ආරම්භ වීම නිසා ආවරණවලින් තණනිල්ල වසා දැමුණු බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඉන්දියාවේ ඊඩ්න් ගාඩ්න් ක‍්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වෙනවා. 

----------------------------------------------------

ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද

16-11-2017 06:37

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16) ආරම්භ වනවා. ඒ කොල්කටාහි ඊ්ඞ්න් ගාඞ්න් ක‍්‍රීඩාංගනයේදීයි. 

දෙපිළ අතර මේ දක්වා පවත්වා ඇති මුළු ටෙස්ට් කි‍්‍රකට් තරග සංඛ්‍යාව 41ක්. ඒවායින් 19ක් ජයගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. ශ‍්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 7ක් පමණයි. තරග 15ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.