Thursday, April 25, 2024

General line - 0115112241

මුම්බායි නගරයේ යාබද ගොඩනැගිල්ලක් කුලියට ගෙන උමඟක් හාරා බැංකුවක් කොල්ල කෑ හැටි (PHOTOS)




උමඟක් හාරා එතුළින් ගොස් රාජ්‍ය බැංකුවක් බිඳින ලද සොර කල්ලියක් පිළිබඳව බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වනවා.

මාස කීපයක් රහසිගතව කණින ලද අඩි 25ක් දිග උමඟ තුළින් සොර කල්ලිය පිවිස ඇත්තේ ඉන්දීය ආණ්ඩුවේ අයිතිය සහිත බැරෝඩා (Bank of Baroda) බැංකුවටයි.

මෙම කල්ලිය උමඟ හැරීමට මාස හතරක පමණ කාලයක් ගත කරන්නට ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුළ සඳහන්.

උමඟින් බැංකුවට ඇතුල් වූ සොරුන් විසින් එහි තිබුණ මුදල් සහ රන් ආභරණ වලින් කොටසක් පැහැර ගෙන ඇති බවයි එරට පොලිසිය පවසන්නේ.

පැහැර ගනු ලැබූ මුදල් ප්‍රමාණය සහ රන් ආභරණවල වටිනාකම මෙතෙක් ඇස්තමේන්තු කර නැති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය පොලිසිය ප්‍රකාශ කරන ආකාරයට 'බැරෝඩා' බැංකුවට යාබද ගොඩනැගිල්ලක් කුලියට ගත් සොර කල්ලිය, තම රහසිගත සැලසුම ආවරණය කර ගැනීම සඳහා එහි වෙළෙඳසැලක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් උමඟ හාරා ඇත්තේ එම වෙළෙඳසැල තුළ සිට බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ බැංකුව කොල්ල කෑමෙන් අනතුරුව මෙම කල්ලිය අතුරුදහන් වී තිබෙනවා.

ඔවුන් උමඟ සෑරීම මාස හතරක් තරම් කාලයක් කිසිවකුට නොදැනෙන පරිදි රහසක් වශයෙන් තබා ගන්නා ලද්දේ කෙසේද යන්න පිළිබඳවත් අවධානය යොමු වෙමින් බවතිනවා

බැංකුවේ ඇති සේප්පු 225න් 30ක් කඩා ඒවායේ තැන්පත් කර තිබුණ දෑ පැහැර ගෙන ගොස් ඇතැයි පොලිසිය පවසනවා. සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනා ගෙන නැහැ.