Saturday, April 20, 2024

General line - 0115112241

මිලියන 500කට වඩා වැඩි පිරිසක් භාවිතා කරන වෙබ් බ්‍රවුසරයක් ගූගල් ආයතනය ඉවත් කෙරේ




ගූගල් play store ඔස්සේ ලොව පුරා මිලියන 500 කට වඩා වැඩි පරිශීලකයන් පිරිසක් භාගත කර ඇති වෙබ් බ්‍රවුසරයක් තාවකාලිකව ඉවත් කිරීමට ගූගල් ආයතනය කටයුතු කර තිබෙනවා.

මෙසේ ඉවත් කර ඇත්තේ "uc browser" නමැති වෙබ් බ්‍රවුසරයයි.

මෙයට හේතුවී ඇත්තේ මෙම බ්‍රවුසරය භාවිතා කරන පරිශීලකයන්ගේ තොරතුරු (user data) සොරකම් කිරීම හේතුවෙන්.

චීනයේ Alibaba Group නම් සමාගමක් විසින් මෙම වෙබ් බ්‍රවුසරයේ හිමිකාරීත්වය දරනු ලබනවා.

අදාළ  චෝදනාව එල්ල කර ඇත්තේ ඉන්දියානු රජය විසින්.

ඉන්දියාව තුල මිලියන 100කට වඩා වැඩි පරිශීලකයන් පිරිසක් මෙම බ්‍රවුසරය භවිතා කරනු ලබන අතර චෝදනාවට Alibaba Group සමාගම වැරදිකරු වුවහොත් වෙබ් බ්‍රවුසරය තහනම් කිරීමට පියවර ගනු ඇති බවයි වාර්තා වන්නේ.