Thursday, March 28, 2024

General line - 0115112241

"එතරම් මුදලක් ගැන  හිතන්නේ නැහැ..දෙයියනේ කියලා එතුමාට ඉඩ දෙන්න" - හතුරුසිංහ වැටුප සහ රට ගැන කී කතාව හෙළිදරව් කෙරේ 




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහට ආරාධනා කළ විට වැටුප පිළිබඳව එතරම් නොසිතා රට වෙනුවෙන් වැඩ කොටසක් කිරීමට තමන් කැමති බව ඔහු ප්‍රකාශ කර ඇතැයි  අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ඊයේ (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කරනු ලැබුවා.


"දෙයියනේ කියල එතුමාට එන්න ඉඩ දෙන්න. අපි හොඳ දෙයක් කරනවා" යනුවෙන් ද අමාත්‍ය දයාසිරි ජයසේකර එහිදී සඳහන් කළා.

"එතුමාටත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා, බංගලාදේශ් කණ්ඩායම සමගයි - ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟට තරඟ කරන්නේ ඉන්දියානු සංචාරයෙන් පස්සේ. පළමුවෙන්ම එතුමාට යන්න වුනොත් යන්න වෙන්නේ බංගලාදේශයට. බොහෝ දුරට ඒක හරි යයි කියලා අපි විශ්වාස කරනවා. 2019 වෙන තෙක් එතුමා බංගලාදේශය සමග ඉන්නයි නියමිතව තිබුණේ. ඒ නිසා ඒ පැත්තෙන් ප්‍රශ්න එන්න පුළුවන්.

අපි එතුමාට කිව්වේ 2019 වෙනකම් වගකීම් බාර ගෙන වැඩ කරන්න කියලයි. වැටුප ගැන එතුමා කිව්වා එතරම් මුදලක් ගැන හිතන්නේ නැහැයි කියලා. රට වෙනුවෙන් වැඩ කොටසක් කරන්න තියෙනවා කියලයි එතුමා කිව්වේ.එතුමා දැනට ඩොලර් 40,000 ක් වගේ වැටුපක් ගන්නවා. ඒ වැටුප පැත්තකින් තියලා අභියෝග මැද අපේ ක්‍රීඩකයන් බාර ගැනීම ගැන අපි එතුමාට අපේ ගෞරවය පුද කළ යුතුයි" යනුවෙන් අමාත්‍ය දයාසිරි ජයසේකර එහිදී සඳහන් කර සිටියා..