Thursday, April 18, 2024

General line - 0115112241

සමලිංගික විවාහ නීතිගත කිරීමට ඕස්ට්‍රේලියාවේ අනුමැතිය 




සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පැවති තැපැල් ඡන්දයක දී ඒ සඳහා 61.6% අනුමැතිය හිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ඡන්ද විමසීම පැවති රට වන්නේ ඕස්ට්‍රේලියාවයි.

ඒ අනුව එරට සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත මගින් මේ බව වැඩිදුරටත් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

එම නව නීති කෙටුම්පත ඊයේ (15) සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එය ඉදිරියේදී සංශෝධන සඳහා විවාදයට ලක්කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

මේ අතර විශේෂ ප්‍රකාශක් සිදුකරමින් එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සඳහන් කර ඇත්තේ නත්තල් වනවිට නීතිය සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවයි.

ප්‍රතිඵලය ප්‍රකාශ වීමත් සමඟ අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ එරට ජනයා මිලියන ගණනින් පැමිණ විවාහ සමානාත්මතාව අනුමත කර ඇති බවයි.

ඔවුන් සාධාරණත්වය, කැපවීම, ආදරය අනුමත කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සහය දක්වන පාර්ශවයන් මෙම ඡන්ද විමසීම සිදු නොවිය යුත්තක් බවට ප්‍රකාශ කර අතර එය සෘජුවම පාර්ලිමේන්තුවේ විවාදයට ගතයුතු බව පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව සැලවීමත් සමඟ එරට මහජනයා රැස්වෙන ස්ථානකරා පැමිණි අධාරකරුවන් දේදුණු වර්ණ සහිත ධජ සහිතව තම සතුට සමරනු ලැබුවා.